යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 16 මෙන්න

Date:

2026 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඇමෙරිකා එක්සත් ජනපදය ද සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහායි.

ඒ අනුව මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 16 ම තෝරා ගෙන අවසන්.

තරගාවලිය සිම්බාබ්වේහීදී හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිත අතර, පූර්ණ සාමාජික රටක් වන බැවින් සිම්බාබ්වේ කණ්ඩායම සත්කාරක රට ලෙස ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබුවා.

කෙසේ වෙතත්, පූර්ණ සාමාජික රටක් නොවන බැවින් සත්කාරක රටක් වුවත් නැමීබියාවට ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර, ඔවුන්ට අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වුණා. නමුත්, එම තරගාවලියෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ ටැන්සානියාවයි.

ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඇෆ්ඝනිස්තානය ද, නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජපානය ද, යුරෝපා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ස්කොට්ලන්තය ද ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා.

2024 යොවුන් ලෝක කුසලානයේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් වු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ද 2026 අදියරට සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...