මොයීන් අලී ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

නමුත්, ඉදිරියටත් ඔහු සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

34 හැවිරිදි මොයීන් මේ වන විට ටෙස්ට් තරග 64කදී ලකුණු 2,914 ක් හා කඩුලු 195ක් දවා ගෙන තිබෙනවා.

2014 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිවයි ඔහු ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ.

2019 ලෝක ශූරතාවය දිනූ එංගලන්ත සංචිතයේ ද සාමාජිකයෙකු වූ මොයීන් අලී, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත මූලික සංචිතයට ද ඇතුළත්.

“මට දැන් වයස 34 ක්, මට හැකිතාක් දුරට ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මට අවශ්‍ය වන්නේ මගේ ක්‍රිකට් භුක්ති විඳීමටයි” යනුවෙන් මොයීන් අලී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...