මොයින් අලී විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවමින් අළුබදුන තරගාවලියට

Date:

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගෙන සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී එම තීරණය වෙනස් කරමින් යළි ටෙස්ට් පිිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතයට ද මොයින් අලී නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජැක් ලීච් පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අළුබදුන තරගාවලියෙන් ඉවත් කිරීමට පසුගියදා පියවර ගැණුනා.

ඒ අනුව ඔහු වෙනුවටයි මොයින් අලී සංචිතයට ආදේශ කර ඇත්තේ.

එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් හා පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා මොයින් අලී මෙලෙස යළි ටෙස්ට් පිටියට පැමිණ ඇති බව සදහන්.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි මොයීන් අලී ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...