මේ පාර කණ්ඩායම්වල නම් වගේද එදා නම් ; 2012 SLPL කණ්ඩායම් හතේ නම් මෙන්න

Date:

සමස්ත ක්‍රිකට් ලෝකයම පාහේ විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාවට මහත් ඇල්මක් නැඹුරුතාවක් දක්වන අවධියක, ක්‍රිකට් ක්‍රීඩාවේ සක්‍රීයව නියැලෙන අනෙක් රටවල්වල පවත්වන ආකාරයේ විස්සයි විස්ස ලීගයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ද ඇගිලී ගනිමින් බලාපොරොත්තු දල්වා සිටී වාර ගණන අනන්තයි.

ඒ අපේක්ෂාව සඵල කරමින් 2012 වසරේ පැවතී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ නවතම මුහුණුවර මේ මස විසි අට වනදායින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සනාථ කර අවසන්.

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් පහ සදහා යෝජිත නාමයන් ඊයේ (09) sunday times පුවත්පත ප්‍රථම වතාවට අනාවරණය කර තිබුණා.

Colombo Super Kings, Galle Lions, Kandy Royals, Jaffna Sunrises, Dambulla Capitals යන නාමයන් ඒ සදහා යෝජනා කර ඇති බවයි ඔවුන් සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, එම නාමයන් රැසැක්ම පාහේ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් හි නාමයන්ට බොහේ සෙයින් සමාන බැවින් බොහෝ ක්‍රිකට් රසිකයන් ඒ වෙනුවෙන් එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැහැ.

ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරීක්තවය මෙම නාමයන් සදහා බලපාන්නට ඇති බවට අපට විශ්වාස කළ හැකියි.

මේ ගැන සලකා බැලීමේ දී 2012 වසරේ ප්‍රථම වරට පැවතී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කල කණ්ඩායම් 7 හී යොදා තිබූ නාමයන් ශ්‍රී ලංකාවට වඩාත් ආවේණික සුවරූපයක් ගෙන තිබීමක් දක්නට ලැබුණා.

එම නාමයන් මෙසේය –

Basnahira Cricket Dundee, Kandurata Warriors, Nagenahira Nagas, Ruhuna Royals, Uthura Rudras, Uva Next, Wayamba United

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...