මෙවර Road Safety තරගාවලියට කණ්ඩායම් 8 ක් ; නායකයින් 8 දෙනා මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා කණ්ඩායම් 8ක් එක් වීමට නියමිතව ඇති බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

පසුගිය තරගාවලිය සදහා ඉන්දීය ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්, එංගලන්ත ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස්, බංග්ලාදේශ ලෙජන්ඩ්ස් හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් ක්‍රීඩා කළා.

මෙවර තරගාවලිය සදහා නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ද එක්වන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

නවසීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය ද අද නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, කණ්ඩායමේ නායකත්වය දරන්නේ රෝස් ටේලර්.

මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙසත්, බ්‍රයන් ලාරා කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙසත්, ඉයන් බෙල් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසත්, ජොන්ටි රෝඩ්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙසත්, ශේන් වොට්සන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙසත්, මොහමඩ් රෆික් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.

නවසීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය –

Road Safety World Series

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...