මෙවර IPL තරගාවලියේ දී අලුත් වන තරග නීති

Date:

15 වන වරටත් සංවිධාන කර ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග නැරඹීම සදහා ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවයෙන් 25%ක පිරිසකට අවස්ථාව ලබා දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාව හිමි වන්නේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක් වූ ප්‍රේක්ෂකයින්ට පමණයි.

කණ්ඩායම් 10ක් තරග වදින මෙවර තරගාවලියේ දී තරග නීති සංශෝදනයක් සිදු කිරීමට පසුගියදා අයි.පී.එල් සංවිධායකයින් තීරණය කළා.

ඒ අනුව එක් කණ්ඩායමකට එක් ඉනිමක් සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS)(reviews)යටතේ අවස්ථා දෙකක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර අයි.පී.එල් තරගයක ඉනිමක් සදහා ලබා දී තිබුණේ එවැනි අවස්ථා එකක් පමණයි.

මේ අතර, පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත් ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට මුහුණ දිය යුතු බවට වන නීති සංශෝදනයක් ද සිදු කර තිබෙනවා. (පන්දුවාරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක්)

ලබන ඔක්තෝබර් මාසයේ සිට බලාත්මක වන පරිදි මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ද මෙම නව නීතිය පසුගිය දා හදුන්වා දෙනු ලැබුවා.

මේ වන විට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවක උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා දිව යමින් එකිනෙකා පසුකර සිටියහොත් නව පිතිකරුවා වෙනුවට පිටියේ රැදී සිටි අනෙක් පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුයි.

මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් කණ්ඩායමකට තරගයක් සදහා නියමිත ක්‍රීඩකයින් ප්‍රමාණය සහභාගී කරවා ගැනීමට නොහැකි වන අවස්ථාවක අදාළ තරගය වෙනත් දිනයක පැවැත්වීම සදහා කටයුතු කිරීමට නියමිතයි.

තරගය එලෙස වෙනත් දිනයකදී පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය අයි.පී.එල් තාක්ෂණික කමිටුව විසින් ගැනීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට එක්වන ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් සිය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වීමට පෙර අනිවාර්යයෙන් දින 3ක කාලයක් හෝටල් කාමර තුළ රැදී සිටිමින් නිරෝධායනයට ලක් විය යුතුයි.

පසුගිය වසරේ දී එම නිරෝධායන කාලය සදහන් කර තිබුණේ දින 7ක් ලෙසයි.

අදාළ දින තුන තුළදී සෑම පැය 24කටම වරක් එම ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් 19 වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දිය යුතු බව සදහන්.

කෙසේ වෙතත්, වෙනත් තරගාවලියකට අදාළ ජෛව ආරක්ෂිත බුබුලකින් පැමිණෙන ක්‍රීඩකයින්ට හෝ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට මෙම නීතිය වලංගු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...