සැලසුම ඇහුවම මොකුත් කරන්නෙ නැහැ කීවා, විවේකයක් ගන්න විතරක් මෙන්ඩිස්ට කීවලු : අවිශ්ක

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ සේවය නිසි අයුරින් කණ්ඩායමට ලබා ගැනීමටනම් ඔහු සම්බන්ධයෙන් නිසි සැලසුමක් සහිතව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් මහතා එක්වන Chilling With Russel වැඩසටහන එක්වෙමින්.

මෑතකදී කුසල් මෙන්ඩිස් අසාර්ථක වූ අවස්ථාවේ දී ඔහුට විවේකයක් ලබා දීමට පමණක් ක්‍රියා කර තිබූ බවත්, ඔහුගෙන් සිදුවන වැරැදි හදුනා ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් යොදා නොතිබූ බවත්, ගුණවර්ධන මහතා මෙම වැඩසටහනේ දී සදහන් කළා.

“එංගලන්ත තරගාවලියෙ පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ කුසල්ව එළියට ගත්තට පස්සේ මට හම්බුනා සති දෙකකට විතර පස්සේ. මම ඇහුවා මොකද කරන්නේ කියලා. මොකුත් කරන්නේ නෑ කීව. මම ඇහුවා මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා ද කියලා. නෑ එහෙම නෑ බ්‍රේක් එකක් (විවේකයක්) ගන්න කිව්වා කියලා කීව” යනුවෙන් හෙතෙම කියා සිටියා.

කෙසේ වෙතත්, අවිශ්ක ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ දී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණයේ සිදු වන දුර්වලතාවය හදුනා ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් සිදු කළ යුතුව තිබූ බවයි.

ඔහුගේ වරද හදුනා ගෙන එය නිවැරැදි කර ගැනීම සදහා කෙටි කාලීන හා දිගු කාලීන සැලසුමක් සකස් කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...