මූඩි, අක්මාල්, මහේල ඇතුළු රැසකගෙන් පැතුම්ගේ මංගල ශතකයට සුබ පැතුම්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අමතක නොවන දිනයක් බවට පත්කිරීමට නවක ක්‍රීඩක පැතුම් නිස්සංක සමත්වුණා.

තවමත් 22 වන වියේ පසුවන නිස්සංක ප්‍රබල කොදෙව් වේග පන්දු බළඇණිය ඉදිරියේ ක්‍රීඩා කළේ ජාත්‍යන්තර ක්‍රීඩාවට ආගන්තුකයෙකු නොවන අන්දමින් වීම විශේෂත්වයක්.

තරගය පුරා විස්තර විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්වූ ඔහුගේ මෙම ඉනිම ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම ඉවසිලිවන්ත ඉනිමක් බවට පත්වීම කැපී පෙණුනා.

ඒ අනුව මංගල ටෙස්ට් තරගය තුළ ශතකයක් වාර්තා කළ සිව්වන ලාංකීය පිතිකරුවා බවට පත් වූ පැතුම් නිස්සංක මව් බිමෙන් පිටත මංගල තරගයකදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට ද පත්වීම විශේෂත්වයක්.

පළමු පෙළ ක්‍රිකට් පිටියේ ලකුණු 67 ක පමණ පිතිකරණ සාමාන්‍යක් පවත්වාගෙන යන පැතුම්ගේ මෙම ශතකයට ලොව වටා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී බොහෝ පිරිසකගෙන් මේ වන විටත් පැසසුම් හිමිවන ආකාරයක් දැක ගත හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...