මුෂ්ෆිකර් දැඩි අවේගශීලීව කටයුතු කළ අයුරු මෙන්න

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී වූ උණුසුම් සිදු වීමක් පිළිබද මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Beximco Dhaka කණ්ඩායම සහ Fortune Barishal කණ්ඩායම අතර අද(14) පැවැති තරගයේ Fortune Barisha ඉනිමේ 17 වන පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි මෙම උණුසුම් සිදු වීම වාර්තා වුණේ.

ශෆිකුල් ඉස්ලාම් යොමු කළ අදාළ පන්දුවේ දී පන්දුවට පහරදුන් අෆීෆ් හුසේන් ලකුණු 55කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

කෙසේ වෙතත්, එම උඩ පන්දුව ලබා ගැනීම සදහා නසුම් අහ්මඩ් ද දිව ආ අතර, ඔහු සහ රහීම් අතර නිසි සන්නිවේදනයක් සිදු නොවූ බව දක්නට ලැබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අතර සුළු ගැටීමක් සිදු වූ අතර, අනතුරුව මුෂ්ෆිකර් රහීම් දැඩි අවේගශීලී අයුරින් කටයුතු කිරීම කාගේත් අවධානය දිනා ගත් කරුණක් බවට පත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...