මුම්බායි අඛණ්ඩව 5 වැනි තරගයත් පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ 5 වැනි තරගය ද අඛණ්ඩව පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(13) සිදු වුණා.

ඒ, පූනේහී දී පැවැති තරගාවලියේ 23 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 12කින් පරාජයට පත් වීම හේතුවෙන්

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

නායක මයාන්ක් අගාර්වල් පන්දු 32කින් ලකුණු 52ක් රැස් කළේ හයේ පහර 2කින් හා හතරේ පහර 6කින්. ශිකර් ධවාන් පන්දු 50කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70ක්. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩනැගුණු සබදතාවය ලකුණු 97ක්.

මෙම තරගයේදී ද සාර්ථකව ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 12(13)කට දැවී ගියා. ජිටේෂ් ෂර්මා නොදැවී ලකුණු 30(15)යි. ශාරුක් ඛාන් හයේ පහර 2ක් ද සමග පන්දු 6කින් ලකුණු 15ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන්නා.

පන්දු යැවීමේ දී බැසිල් තම්පි ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

නායක රෝහිට් ෂර්මා ලකුණු 28කටත්, ඉෂාන් කිෂන් ලකුණු 3කටත් දැවී ගියා.

අනතුරුව සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ 18 හැවිරිදි ඩිවෝල්ඩ් බ්‍රේවිස් පන්දු 25ක් පමණක් වැය කරමින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් ඇතුළත්.

රාහුල් චහාර් යොමු කළ එක් පන්දුවාරයකදී බ්‍රේවිස් හතරේ පහරක් හා අඛණ්ඩව එල්ල කළ හයේ පහර 4ක් සමගින් ලකුණු 28ක් රැස් කිරීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

සූර්යකුමාර් යාදව් ලකුණු 43(30)ක් හා තිලක් වර්මා ලකුණු 36(20)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔඩියන් ස්මිත් පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

සිය පන්දුවාර 4 තුළ දී කාගිසෝ රබාඩා ලකුණු 29කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

ක්‍රීඩා කළ තරග 5න් තරග 3ක් ජය ගත් පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...