මිලියන 25 ක වන්දියක් ගෙවන්නැයි අර්ජුණ රණතුංගට අධිකරණයෙන් නියෝග

Date:

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට රුපියල් කෝටි දෙකහමාරක (මිලියන 25 ක) වන්දියක් ගෙවන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට අද(17 වනදා) ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ, 2003 වසරේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට සදහන් කරමින් රණතුංග මහතාට එරෙහිව සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමා සුදුස්සෙකු නොවන බවට අපහාස හා අභූත චෝදනා සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදුව ඇති බැවින් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසටත් ඉල්ලා තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...