මිලර්ගේ දුක්බර ශතකය අපතේ යයි – කේන්ගේ හා රචින්ගේ ශතක හමුවේ නවසීලන්තය අවසන් තරගයට

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය අද(5) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කරමින්.

ලාහෝර්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 362 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 312ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවේදී ඩේවිඩ් මිලර් සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 67 කට මුහුණ දෙමින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

රසී වැන් ඩර් ඩසන් ලකුණු 69 ක් හා ටෙම්බා බවූමා ලකුණු 56 ක් රැස් කරමින් මුල්පෙල ශක්තිමත් කළ නමුත්, එම පදනම තරගයේ ජයග්‍රහනය කරා දකුණු අප්‍රිකා කණ්ඩායම රැගෙන යාමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත්තා. ග්ලේන් පිලිප්ස් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 27 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ශතක රැස් කළ රචින් රවීන්ද්‍ර ලකුණු 108(101) ක් හා කේන් විලියම්සන් ලකුණු 102(94) ක් ලබා ගත්තා. ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස්(නොදැවී) පිළිවෙලින් පන්දු 37 කින් හා 27 කින් ලකුණු 49 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩී කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 72 ක් ලබා දෙමින්. කාගිසෝ රබාඩා කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 9 වැනිදා ඉන්දියාව හා නවසීලන්තය අතර ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...