මිනෝද්, කමිදු සී සී සී රැක ගැනීමේ සටනක ; සධීරගෙන් 188 ක්, විශ්ව හා සදකැන් කඩුලු අතරට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ (Major Club League 3-Day Tournament) අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) හා ටැමිල් යූනියන් කණ්ඩායම අතරයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනට නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 149 ක්.

මිනෝද් භානුක නොදැවී ලකුණු 72 ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිනවා. නිමේෂ ගුණසිංහ ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු හා කවිදු පතිරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

20 වැනිදා දක්වා සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 558 ක් ලබා ගත්තා.

නායක සධීර සමරවික්‍රම ලකුණු 188 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 18 ක් සමගින්.

ඉසුරු උදාන ලකුණු 88 ක් ද, නවෝද් පරණවිතාන ලකුණු 54 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ලක්ෂාන් සදකැන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී තවත් ලකුණු 409 ක් පිටුපසන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...