මිචෙල් – බ්ලන්ඩල් සබදතාවය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(10) නොටින්හැම් හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 318ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටොම් බ්ලන්ඩල් ලකුණු 67ක් හා ඩැරල් මිචෙල් ලකුණු 81ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නගා ඇති නොබිදුණු සබදතාවය ලකුණු 149ක්.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔහු වෙනුවට මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන ටොම් ලේතම් ලකුණු 26ක් ද, විල් යන්ග් ලකුණු 47ක් ද රැස් කළා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 46යි. හෙන්රි නිකල්ස් ලකුණු 30කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් හා බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...