මැතිව්ස්ට පක්ෂපාතී වූ ඇලන් ඩොනල්ඩ් ධූරයෙන් ඉවත් වෙයි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ(09) පූනේ හී දී පැවැති කණ්ඩායම් රැස්වීමකදි ඔහු මේ බව අනාවරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් ඩොනල්ඩ් එරට කණ්ඩායමේ වේග පන්දු යැවිමේ පුහුණුකරු ධූරය භාර ගත්තේ 2022 වසරේ මාර්තු මාසයේ දී යි.

කෙසේ වෙතත්, පසුව ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2023 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු දීර්ඝ කිරීමට පියවර ගැණුනා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ විශාල වෙනසක් සිදු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව ද සදහන්.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් ‘timed out’ ක්‍රමවේදය යටතේ දවා ගැනීමට බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් කටයුතු කිරීම විවේචනයට ලක් කිරිමට ඇලන් ඩොනල්ඩ් මීට පෙර ක්‍රියා කළ අතර, එලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කරන ලෙසට ඔහුට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා දන්වා තිබූ පසුබිමකයි ඔහු තවදුරටත් එම ධූරයේ කටයුතු නොකිරීමට මේ වන විට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...