මැතිව්ස්ගේ ආබාධය නිසා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට තාවකාලිකව නව නායකයෙක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව එල්.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ධනංජය ද සිල්වාට පවරා ඇති බවයි එම කණ්ඩායමේ උසස් නිළධාරියෙකු hitwicket.lk කළ විමසීමකදී සදහන් කළේ.

මෙවර තරගාවලිය යටතේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද(6) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...