මැට් හෙන්රිට පාකිස්තාන හා ඉන්දීය එක්දින තරගාවලි අහිමි වෙයි

Date:

ආබාධයකට ලක් වීම හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රිට එළඹෙන පාකිස්තාන හා ඉන්දීය එක්දින තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කරච්චි හී දී පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී යි 31 හැවිරිදි ඔහු මෙම ආබාධයට ලක් වුණේ.

ඒ අනුව මැට් හෙන්රි ටෙස්ට් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග යළි සියරට බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් නවසීලන්ත සංචිතයට ආදේශ කර නැහැ.

මේ අතර, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා නම් කෙරුණා.

පාකිස්තාන – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 9 වැනිදා ද, ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය ජනවාරි 18 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ODI squad:
Babar Azam (c), Fakhar Zaman, Haris Rauf, Haris Sohail, Imam-ul-Haq, Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Shahnawaz Dahani, Shan Masood, Tayyab Tahir and Usama Mir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...