මැක්ස්වෙල්ගේ සහ ඩිවිලියස්ගේ ප්‍රහාරය හමුවේ RCB ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ග්ලේන් මැක්ස්වෙල්ගේ සහ ඒ.බී. ඩි විලියස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(18) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවාර 2 අවසන් වන විට ඔවුන් කඩුලු 2කට රැස් කර ගෙන තිබුණේ ලකුණු 9ක් පමණයි.

නායක විරාට් කෝලි ලකුණු 5කට සහ රාජත් පටිදර් එක් ලකුණකට දැවී ගිය නමුත්, අනතුරුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් පන්දු 49කින් වේගවත් ලකුණු 78ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිමට විශිෂ්ඨ අවසානයක් ගෙන දුන් ඒ.බී.ඩි විලියස් පන්දු 34කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76ක්.

ඔවුන් දෙදෙනාම හයේ පහර 3 බැගින් සහ හතරේ පහර 9 බැගින් එල්ල කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී කඩුලු දෙකක් බිද හෙලූ අතර, පැට් කමින්ස් සහ ප්‍රසිද් ක්‍රිෂ්නා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 166ක් පමණක් ලබා ගනිමින්.

ඇන්ඩ්‍රි රසල් ලකුණු 31ක්, ඔයින් මෝර්ගන් ලකුණු 29ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්යිල් ජමිසන් කඩුලු 3ක් බිද හෙලූ අතර, යුස්වේන්ද්‍ර චහෙල් සහ හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට බැංගලෝර් කණ්ඩායම මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...