මැක්ස්වෙල්ගේ අනපේක්ෂිත 201* හමුවේ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට ; ඇෆ්ඝනිස්තානයට අමිහිරි පරාජයක්

Date:

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 91 ක් තුළ බිද වැටුණු පසුබිමක ග්ලේන් මැක්ස්වෙල් දියත් කළ අනපේක්ෂිත සුපිරි පිතිහරඹය හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු තුනක අනර්ඝ ජයග්‍රහනයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායම බවට පත් වීමට ඔස්ට්‍රේලියාව අද(7) සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වන්නේ දකුණු අප්‍රිකාවයි.

මුම්බායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 46.5 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 91 ක් තුළ බිද වැටුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඇෆ්ඝනිස්තානයට නතු කරමින්. කෙසේ වෙතත්, අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් සමග පිටියේ එක් වූ නායක පැට් කමින්ස් 8 වැනි කඩුල්ල සදහා පන්දු 170 කින් ලකුණු 202 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියාවට නොසිතූ ජයක් හිමි කර දුන්නා.

එම සම්බන්ධතාවයේ දී කමින්ස් රැස් කළේ ලකුණු 12 (පන්දු 68) ක් පමණයි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මැක්ස්වෙල් පන්දු 128 කින් ලකුණු 201 ක් නොදැවී ලබා ගත්තා. ඒ, හයේ පහර 10 කින් හා හතරේ පහර 21 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

ඔහුව දවා ගැනීම සදහා ලද උඩ පන්දු දෙකක් රැක ගැනීමට ඇෆ්ඝනිස්තාන පන්දු රකින්නන්ට නොහැකි වීම තරගයේ තීරණයට දැඩිව බලපාන ලැබුවා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක්, අස්මතුල්ලාහ් ඔමර්සායි හා රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 143 කින් නොදැවී ලකුණු 129 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්. රෂීඩ් ඛාන් නොදැවී ලකුණූ 35(18) යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 ක් දවා ගත්තා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...