මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය යළිත් කමිදුට

Date:

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඔහු මෙම සම්මානය 2024 වසරේ දී දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මීට පෙර කමිදු මාර්තු මාසයේ දී ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තා.

මෙවර මෙම සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය හා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද ඇතුළත්ව සිටියා.

සැප්තැම්බර් මාසයේ දී කමිදු ටෙස්ට් තරග 4 ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 90.20 ක් ලෙස සටහන් කර ගනිමින්.

ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ සිට අඛණ්ඩව තරග අටකදී ලකුණු 50 සීමාව සෑම තරගයකදීම පසු කර ගිය ලොව පළමු පිතිකරුවා ලෙස ද කමිදු නව ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...