මාෂ්ගේ ශතකය හා වුඩ්ගේ කඩුලු 5 හමුවේ පළමු දිනයේ ගෞරව සමව බෙදී යයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය බ්‍රහස්පතින්දා (6) නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 68 ක්.

ජෝ රූට් නොදැවී ලකුණු 19 ක් ලබා සිටින අතර, සැක් ක්‍රව්ලි ලකුණු 33 කට දැවී ගියා. බෙන් ඩකට් ලකුණු 2යි. අංක 3 පිතිකරු වූ හැරී බෘෘක් රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 2 ක් හා මිචෙල් මාෂ් කඩුල්ලක් බිද හෙලුවා.

ලීඩ්ස්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 263 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 85 ක් තුළ බිද වැටුණු පසුබිමක සුපිරි ශතකයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට මිචෙල් මාෂ් සමත් වුණා.

ඔහු පන්දු 118 කින් ලකුණු 118 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 17 ක් සමගින්. කැමරන් ග්‍රීන් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි මාෂ් මෙම තරගයට කැදවා තිබුණේ.

එංගලන්තය වෙනුවෙන් මෙම තරගයට කැදවූ මාර්ක් වුඩ් සුවිශේෂි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත්තා. මෙම තරගය වෙනුවෙන් කැදවූ ක්‍රිස් වෝක්ස් ද කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 195 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...