මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව ඉදිරි තරග කිහිපයේ දී බිද වැටෙන ලකුණු

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්.

ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්.

සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි.

වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා.

ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.

ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්.

ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි.

ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...