මාධ්‍ය වාර්තා ධනංජය ප්‍රතික්ෂේප කරයි

Date:

නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තමා අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

තමා සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ.

හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය ද ඔහුට අහිමි වී ඇති බවත්, අද පස්වරුවේ දී අද දෙරණ වාර්තා කර තිබුණා.

ඒ හේතුවෙන් ධනංජය ද සිල්වාට තරග 3 කින් යුත් එක්දින තරගාවලියම අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි අද දෙරණ වාර්තා කර තිබුණේ.

https://twitter.com/dds75official/status/1639235576183521288

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...