මහේලගේ බ්‍රේව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ද හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම මේ වන විට සමත්ව සිටිනවා.

ඒ, ඊයේ(11) පැවැති මෙවර තරගාවලයේ 25 වන තරගයෙන් ඔවුන් Welsh Fire කණ්ඩායමට එරෙහිව ලැබූ කඩුලු 8ක ජයග්‍රහනයත් සමගයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Welsh Fire කණ්ඩායම නියමිත පන්දු 100 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 144ක් රැස් කළා. ටොම් බැන්ටන් ලකුණු 36ක් ලබා ගත් අතර, ග්ලේන් පිලිප්ස් (නොදැවී) හා Leus du Plooy ලකුණු 30 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Danny Briggs හා Jake Lintott කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රේව් කණ්ඩායම පන්දු 87කදී කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා ජයග්‍රහනය වාර්තා කළේ ක්වෙන්ටන් ඩී කොක් නොදැවී රැස් කළ ලකුණු 57න් හා නායක ජේම්ස් වින්ස් ලබා ගත් ලකුණු 53න් සවිමත් වෙමින්.

සදර්න් බ්‍රේව් කණ්ඩායමට මූලික වටයේ දී තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණයි.

ඔවුන් මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කළ පළමු තරග දෙකම පරාජයට පත් වූ අතර, අනතුරුව ක්‍රීඩා කළ තරග 5න් තරග 4ක්ම ජය ගැනීමට සමත් වුණා. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සෘජුව සුදුසුකම් ලබන අතර, ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මේ වන විටත් London Spirit හා Welsh Fire කණ්ඩායම් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

තරගාවලියේ කාන්තා අංශයේ ද තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ සදර්න් බ්‍රේව් කණ්ඩායම වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...