මහ්මුදුල්ලාහ්ගේ අවසන් පන්දුවාරයේ සුපිරි සටන අපතේ යයි ; පාකිස්තානයට තියුණු ජයක්

Date:

බංග්ලාදේශය සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් පාකිස්තානය අවසන් පන්දුවේ දී කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩකා නුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 124ක් රැස් කළා.

මොහොමඩ් නයීම් ලකුණු 47ක් ලබා ගත් අතර, ශමිම් හුසේන් ලකුණු 22යි. අෆිෆ් හුසේන් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් හා උස්මාන් කාදීර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිමේ අවසන් පන්දුවේ දී යි.(127/5)

හෙයිදර් අලී ලකුණු 45ක් ලබා ගත් අතර, මොහොමඩ් රිස්වාන් රැස් කළ ලකුණු ප්‍රමාණය 40ක්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී පාකිස්තානයට තරග ජය ගැනීම සදහා ලකුණු 8ක් ලබා ගත යුතු වුණා.

එම පන්දුවාරය යොමු කළ නායක මහ්මුදුල්ලාහ් විසින් පළමු පන්දුව නිලකුණු පන්දුවක් ලෙස යොමු කළ අතර, දෙවැනි හා තෙවැනි පන්දුවලදී පිට පිට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, සිව්වන පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ඉෆ්ටිකාර් අහ්මඩ් සමත් වුණේ පාකිස්තානයට තරගය ජය ගැනීමේ බලාපොරොත්තු යළිත් ගෙන එමින්.

නමුත්, එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී මහ්මුදුල්ලාහ් විසින් ඉෆ්ටිකාර්ගේ කඩුල්ල දවා ගත්තේ තරගයේ ජය යළිත් දෙපිලටම දෝලනය කරමින්.

මහ්මුදුල්ලාහ් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවට මුහුණ දුන් මොහොමඩ් නවාස් හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය මෙන්ම තරගාවලියේ ජයග්‍රහනය තරග 3-0ක් ලෙස පාකිස්තානයට හිමි කර දුන්නා.

(අවසන් පන්දුවේ දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...