මහනුවර සිව්දින ශූරතාවයට ළං වෙයි

Date:

මහනුවර හා යාපනය කණ්ඩායම් අතර පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද(9) නිමා වුණේ තරගයේ වැඩි වාසි මහනුවර කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 444 ක්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 109ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 87ක් ද, කසුන් විදුර ලකුණු 71ක් ද ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දිලුම් සුදීර කඩුලු 4ක් දවා ගත්තා. ධනංජය ද සිල්වා බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ලෙස යාපනය පිල පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි. නිශාන් මදුෂ්ක ලකුණු 57යි.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් ද, අශේන් ඩැනියල් කඩුලු 3ක් ද බිද හෙලුවා.

ඒ අනුව මහනුවර කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 269ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...