මයිකල් වෝන්ගේ පුත්‍රයා පළමු වෘත්තීමය ගිවිසුමට අත්සන් තබයි

Date:

එංගලන්ත හිටපු නායක මයිකල් වෝන්ගේ පුත් Archie Vaughan සිය පළමු වෘත්තීමය ගිවිසුම සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සමග අත්සන් තබා තිබෙනවා.

මුල් පෙල පිතිකරුවෙකු හා දග පන්දු යවන්නෙකු වන 18 හැවිරිදි ඔහු අත්සන් තබා ඇති ගිවිසුම නොවැම්බර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන අතර, 2025 හා 2026 තරග වාර සදහා එම ගිවිසුම වලංගු වනවා.

Archie Vaughan ගේ පියා වන මයිකල් වෝන් ටෙස්ට් තරග 82 කදී හා එක්දින තරග 86 කදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, 2003 වසරේ සිට 2008 දක්වා ඔහු එංගලන්තයේ නායකයා ලෙස ද කටයුතු කළා.

තවමත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇති 2005 අලුබදුන ශූරතාවය එංගලන්තය ජය ගත්තේ ද ඔහුගේ නායකත්වය යටතේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...