මතීෂ පතිරණට IPL පළමු තරග කිහිපය අහිමි වෙයි

Date:

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරයේ දී යි ඔහු පාදයක ආබාධයකට මුහුණ දුන්නේ.

ඒ හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගය ද අහිමි වූ අතර, මේ වන විට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය යටතේ සිය පුනරුත්තාපන කටයුතුවල නිරත වනවා.

ඒ අනුව ඔහු එම ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමෙන් පසුව චෙන්නායි සුපර් කිංග්ස් සංචිතය සමග එක් වීමට නියමිතයි.

පසුගිය අයි.පී.එල් තරගාවලියේ දී පන්දුවාර 16-20 අතර කාලයේ දී පන්දු යැවූ පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට අවම ලකුණු අගයක් (economy rate) ලබා දී තිබුණේ මතීෂ පතිරණයි. ඔහු පන්දුවාරයකට එම කාලයේ දී ලබා දී තිබුණේ 8.00 ක් පමණයි.

එමෙන්ම 2023 අදියරේ දී පන්දුවාර 16-20 අතර කාලයේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. ඉනිම් 12 කදී මතීෂ කඩුලු 18 ක් දවා ගෙන තිබුණා.

චෙන්නායි සුපර් කිංග්ස් ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ද ආබාධයකට ලක්ව සිටින අතර, ඔහුට මැයි මාසය වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (22) ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...