මතිවානන් ඉල්ලා අස් වෙයි – ධර්මදාස උප සභාපතිධූරයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් උප සභාපතිධූරයක කටයුතු කළ කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය හේතුවෙන්.

ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත අද (29) භාර දී තිබුණා.

ඒ අනුව අද පස්වරුවේදී හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවමින් මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ විධිවිධානවලට ප්‍රාකාරව පුරප්පාඩු වූ තනතුර සඳහා උප සභාපතිවරයකු පත්කිරීමට පියවර ගත් බව සදහන්.

ඒ අනුවයි ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයෙකු ලෙස පත් කර ඇත්තේ.

මතිවානන් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතිකව ගනු ලැබූ තීරණයකින් පසුව බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...