“මට හරි දුකයි, වේදනාවයි, තරහයි ; ඔය වගේ විසි කරන්න බෑ,” සනත් ජයසූරිය

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය පිළිබද තමා දැඩි කම්පාවට පත් වන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය පවසනවා.

SANATH SHOW වැඩසටහනේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආරම්භක පිතිකරුවන් හොද ආරම්භයක් ලබා ගත්ත ද, එම ඉනිම් දිගු ඉනිමක් බවට පත් කිරීමට ඔවුන්ට නොහැකි වීම පිළිබද තමා දැඩි ලෙස කණගාටු වන බවයි.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5ක තවත් අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊ‌යේ සිදු වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ අතර, අනතුරුව අවසන් කඩුලු 9 ලකුණු 52 ක් තුළ බිද වැටුණා.

නමුත් සනත් ජයසූරිය පෙන්වා දෙන්නේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දිගු ඉනිමක් ක්‍රීඩා නොකර අනවශ්‍ය ලෙස දැවී යාම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

එමෙන්ම ඉනිම් කඩා වැටීමට හේතුව හදුනා ගෙන, දිගින් දිගටම එකම වැරැද්ද සිදු වන්නේනම්, ඊට අදාළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවත් ඔහු සදහන් කළා.

තවද චරිත් අසලංක විසින් පසුපෙල පිතිකරුවන් ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට උත්හාස නොකිරීම ද දැඩි කනගාටුවට කරුණක් බව ද හෙතෙම අවධාරණය කළා.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න – (සම්පූර්ණ සාකච්ඡාව නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...