“මගේ දියණිය ගැන කටකතා අසත්‍යයයි” – අෆ්රිඩි

Date:

තම දියණිය අසනීප තත්ත්වයෙන් පසු නොවන බව පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ් අෆ්රිඩි පවසනවා.

අසත්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පැතිර යමින් පවතින බවට ඔහු සදහන් කර ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, අසත්‍ය පුවත් පැතිරවීමෙන් වැළකිය යුතු බවත්, අෆ්රිඩි සදහන් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ශහිඩ් අෆ්රිඩි යළි පාකිස්තානය බලා පිටව යාමට පසුගිය දිනක පියවර ගත්තේ විශේෂ පෞද්ගලික කරුණක් හේතුවෙන්.

ඒ බව ඔහු සිය ට්විටර් ගිණුමේ ද සදහන් කර තිබූ නමුත්, පෞද්ගලික හේතුව කුමක් දැයි සදහන් කර තිබුණේ නැහැ.

නමුත් පසුව සමාජ මාධ්‍ය තුළ වාර්තා පල වූයේ ෂහිඩ් අෆ්රිඩිගේ දියණිය රෝහල් ගත කිරීම නිසා ඔහු යළි සියරට බලා පිටව ගිය බවයි.

කෙසේ වෙතත්, එම පුවතේ සත්‍යතාවය පිළිබද තහවුරු කිරීමක් සිදු කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...