මංගල ශතකය වාර්තා කරමින් පැතුම් වාර්තා අතරට

Date:

ශ්‍රී ලංකා නවක පිතිකරු පැතුම් නිස්සංක සිය මංගල ටෙස්ට් තරගයේ දී ම අද සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී යි.

ඔහු පන්දු 252කින් ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 6ක් සමගින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ලකුණු 100ක් වාර්තා කළ සිව්වැනි පිතිකරුවා ලෙස ද ඔහු මෙම ඉනිමත් සමග ඉතිහාසයට එක් වුණා.

මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයේ දී ශතක වාර්තා කර තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු (201*), රොමේෂ් කලුවිතාරන (132*) සහ තිලාන් සමරවීර (103*) යන පිතිකරුවන් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...