භානුක රාජපක්ෂ ඇෆ්ඝනිස්තාන තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග හෙට(25) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ ඉවත්ව ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මේ අතර, මේ දිනවලදී අබුඩාබි හී දී පැවැත්වෙන T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීම වෙනුවෙන් භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දී නොමැති බව ද සදහන්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(25) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Update : ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ ; භානුක ගැනත් නිල ප්‍රකාශයක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...