භානුකගෙන් යළි සුපිරි ප්‍රහාරයක් ; චෙන්නායි පළමු ජය ලබයි

Date:

මෙවර අබුඩාබි T10 ලීග් තරගාවලිය යටතේ තරග 8ක් පරාජයට පත්වීමෙන් අනතුරුව සිය පළමු ජය වාර්තා කිරීමට චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම සමත් වුණා.

සදුදා (29) පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ නොදර්න් වොරියර්ස් කණ්ඩායමයි.

තරගාවලියේ 26 වැනි තරගය වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 9.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස් කළා.

උපුල් තරංග පන්දු 14කින් ලකුණු 32ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සමගින්.

පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිල පන්දුවාර 8.3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(114/0)

මොහොමඩ් ෂෙසාඩ් පන්දු 29කින් නොදැවී ලකුණු 54ක් රැස් කළා.

සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ භානුක රාජපක්ෂ පන්දු 23කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...