බුම්රාගේ හිතගත්, අතගත් තරුණිය – කවුද මේ සංජනා

Date:

ජස්ප්‍රිට් බුම්රා යනු ලෝක ක්‍රිකට් පිටියේ කවුරුත් දන්නා හදුනන චරිතයක්.

පිතිකරුවන්ට හිසරදයක් වූ ඔහු වර්තමානයේ ලොව විශිෂ්ඨතම වේග පන්දු යවන්නන් අතරින් ද ඉදිරියෙන්ම පසුවන බව අවිවාදයෙන් පිළිගත හැකියි.

බුම්රා පසුගියදා යුග දිවියට එළඹුණු බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

ඔහු විවාහ වූයේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් වන සංජනා ගනේෂන් සමගයි.

විවාහ උත්සවය ගෝවා නුවරදී පැවැති බව සදහන්.

ඒ සදහා සමීප මිතුරන් සහ ඥාතීන් පමණක් එක්ව තිබූ අතර, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද විවාහ උත්සවයට එක්වීමට අවස්ථාව අහිමි වුණේ ඔවුන් එංගලන්තයට එරෙහි තරග වෙනුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින බැවින්.

කවුද මේ සංජනා? මේ විමසා බැලීම ඇය පිළිබදවයි.

ඔබ ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අයෙකුනම් සංජනා ගනේෂන් නුපුරුදු අයෙකු නොවෙයි.

ක්‍රීඩා නිවේදිකාවක් වශයෙන් ඇය ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍ය ආයතනයේ සේවය කරන අතර, ක්‍රිකට්, බැඩ්මින්ටන් සහ පාපන්දු තරගාවලියන්හී දී ඇයව නිරතුරුවම දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇය විශේෂ වැඩසටහන් කිහිපයකම නිවේදන කටයුතුවල නිරත වූ අයුරු ඔබට මතක ඇති.

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද සංජනා ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාව වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කළා.

නිරූපිකාවක් ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ 29 හැවිරිදි ඇය පූනේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

2020 වසරේ පැවැති පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ඇය නිවේදිකාවක් ලෙස කටයුතු කළ අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ද සමගින් සංජනා කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කරන සම්මාන ප්‍රදානෝත්සව අවස්ථා සදහා ද නිවේදනයෙන් ඇය දායකත්වය දක්වා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...