බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දියාව 119 ආරක්ෂා කර ගනිමින් පාකිස්තානය පරදයි

Date:

ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හමුවේ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු හයක අනර්ඝ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

නිව් යෝර්ක්හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් තරමක් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාරය අවසන් වීමෙන් පසුව ද තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, තරගය යළිත් පන්දුවාර 20 තරගයක් ලෙස ද ආරම්භ කිරීමට හැකි වූ නමුත්, පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දියාවට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණයි.

ලකුණු 120 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 113 කට සීමා වුණා.

නායක බාබර් අසාම් ලකුණු 13 යි. පන්දුවාර 10ක් අවසන් වන විට පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා ප්‍රබල ස්ථානයක් පසු වුණා. නමුත්, උස්මාන් ඛාන් හා ෆකාර් සමාන් ලකුණු 13 බැගින් ලබා සිටියදීත්, මොහමඩ් රිස්වාන් ලකුණු 31(44) කටත් දැවී යාමත් සමග තරගයේ පාලනය ඉන්දියාව වෙත නතු වුණා.

© CREIMAS

ශඩාබ් ඛාන් ලකුණු 4 යි. ඉමාඩ් වසීම් ලකුණු 15 ක් රැස් කළ අතර, ඉෆ්ටිකාර් අහ්මඩ් ලබා ගත්තේ ලකුණු 5 ක් පමණයි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා. හර්ඩික් පාන්ඩ්යා කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 24 ක් ලබා දෙමින්. අර්ශ්දීප් සිං හා අක්සාර් පටෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 11 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටි අතර, ඔවුන් ලකුණු 150 ඉක්මවා රැස් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළා. කෙසේ වෙතත්, ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු හත ලකුණු 30 ක් තුළ දවා ගනිමින් පාකිස්තාන පන්දු යවන්නන් සිය පිල යළි සටනට අවතීර්ණ කළා.

විරාත් කෝලි ලකුණු 4කටත්, රෝහිත් ෂර්මා ලකුණු 13 කටත් දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 3 පිතිකරු රිෂාබ් පාන්ට් පන්දු 31 කින් ලකුණු 42 ක් රැස් කළා. ඒ, හතරේ පහර 6 ක් සමගින්. අක්සාර් පටෙල් ලකුණුු 20 යි.

සූර්යකුමාර් යාදව් ලකුණු 7කටත්, ශිවම් ඩූබේ ලකුණු 3කටත්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 7කටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා හැරිස් රවුෆ් ලකුණු 21 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් දවා ගත්තා. මොහමඩ් අමීර් කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 23 ක් ලබා දෙමින්.

මෙම පරාජයත් සමග පාකිස්තානය මේ වන විට මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති බැවින් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ පාකිස්තාන බලාපොරොත්තු ද මේ වන විට දැඩි අවධානමකට ඇද වැටී තිබෙනවා.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...