බිනුර ප්‍රනාන්දුටත් කොරෝනා

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීයි.

ඔහු PCR පරීක්ෂණයකට ද මුහුණ දී ඇති බවත්, එහි ප්‍රතිපල මෙතෙක් ලැබී නොමැති බවත් සදහන්.

නිමා වූ පළමු 20යි 20 තරගයේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක ද නිරත වුණා.

මීට පෙර කුසල් මෙන්ඩිස්ට ද කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු 20යි 20 තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

කෙසේ වෙතත්, තෙවැනි 20යි 20 තරගයට ක්‍රීඩා කිරීම සදහා කුසල් මෙන්ඩිස්ට ඇතැම්විට අවස්ථාවක් හිමි වනු ඇති.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට(13) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...