බිග් බෑෂ් ලීග් තරගාවලියටත් දින නියම වෙයි

Date:

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(15) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 3 වනදා ආරම්භ වන බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ ද එදිනම වීම විශේෂත්වයක්.

බිග් බෑෂ් ලීග් තරගාවලිය පෙබරවාරි 6 වනදා අවසන් වීමට නියමිතයි.

10 වන වරටත් මෙවර පැවැත්වෙන තරගාවලිය සදහා ද තරග 61ක් ඇතුළත් අතර, අවසන් වටයේ තරග සදහා කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමේ ක්‍රමවේදය මෙවරද ඇතුළත් කර තිබෙනවා.

මේ අතර කාන්තා බිග් බෑෂ් ලීග් 20යි 20 තරගාවලිය ඔක්තෝම්බර් 17 වනදා සිට නොවැම්බර් 29 වනදා දක්වා පැවැත්වෙන බව ද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...