බැංගලෝර් පිලට ලකුණු 82ක දැවැන්ත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වන තරගයෙන් ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිල කඩුලු 2ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තේ ඒ.බී.ඩි විලියස් පන්දු 33කින් නොදැවී රැස් කළ ලකුණු 73න් ශක්තිමත් වෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

ෂුබ්මන් ගිල් ලකුණු 34 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස් සහ වොෂින්ටන් සුන්දර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහෙල් පන්දුවාර 4 තුළ ලකුණු 12ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙම තරගයේ දී ඉසුරු උදාන පන්දුවාර 2ක් පමණක් යොමු කළ අතර, එහිදී කොල්කටා කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවෙකු වූ අන්ඩ්‍රි රසල්ගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.(දර්ශන මෙතනින්)

එමෙන්ම ෂුබ්මන් ගිල් දුවද්දී දවා ගැනීම සදහා ද ඉසුරු උදාන විශිෂ්ට පන්දු රැකීමකින් දායකත්වය දක්වනු ලැබුවා. (ඊට අදාළ දර්ශන මෙතනින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...