බාබර් පසු කර සූර්යකුමාර් ඉදිරියට යද්දී මහීෂ් තීක්ෂණත් පන්දු යවන්නන් අතර ඉදිරියට

Date:

ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් අයි.සී.සී පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිකුත් කළ අතර, ඊට අනුව ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 780 ක්.

පාකිස්තාන නායක බාබර් අසාම් සිව්වැනි ස්ථානය දක්වා ඇදදමමිනුයි සූර්යකුමාර් යාදව් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ.

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී සූර්යකුමාර් ලකුණු 46 ක් රැස් කරමින් දැක් වූ දක්ෂතාවය මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට හේතු වී තිබෙනවා.

එංගලන්තය සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී බාබර් අසාම් ලකුණු 31 කට දැවී ගිය අතර, ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ද පිතිකරණයෙන් අසාර්ථක වුණා.

එංගලන්තයට එරෙහි තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් ශ්‍රේණිගත ලකුණු 825 ක් හිමි කර ගනිමින් පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් ශ්‍රේණිගත ලකුණු 792 ක් හිමි කර ගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර තවදුරටත් 8 වැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර, 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය තවදුරටත් රැක ගැනීමට වනිදු හසරංග සමත්ව ඇති අතර, මහීෂ් තීක්ෂණ 7 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැසීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...