බැස් ද ලීඩාගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හමුවේ නෙදර්ලන්තය ලෝක කුසලානයට

Date:

බැස් ද ලීඩා දවා ගත් කඩුලු 5 හා වාර්තා කළ සුපිරි ශතකය හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(6) සමත්වුණා.

ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 28 වැනි තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

සිම්බාබ්වේහි බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 277 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්කොට්ලන්තය අභිබවා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමටනම් නෙදර්ලන්තය මෙම තරගය පන්දුවාර 44 ක් තුළ ජය ගත යුතු වුණා. ඒ, සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ස්කොට්ලන්තයේ ශුද්ධ ලකුණු වේගය නෙදර්ලන්තයට වඩා තරමක් ඉහළ අගයක් ගෙන තිබූ බැවින්.

එවැනි පසුබිමක බැස් ද ලීඩා පන්දු 92 කින් ලකුණු 123 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය කරා රැගෙන යාමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

නෙදර්ලන්තය වෙනුවෙන් වික්‍රම්ජිත් සිං ලකුණු 40 ක්, සකිබ් සුල්ෆිකාර් නොදැවී ලකුණු 33 ක් හා නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 25 ක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 52 කට දවා ගැනීමට ද බැස් ද ලීඩා සමත් වීම කැපී පෙනුණා. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බ්‍රෙන්ඩන් මැක්මලන් ලකුණු 106 ක් රැස් කළා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

මෙම ජයත් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ ද නෙදර්ලන්ත කණ්ඩායමයි.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...