බංග්ලාදේශ පිරිමි 15 න් පහළ කණ්ඩායම හමුවේ කාන්තා ජාතික ක්‍රීඩිකාවන් පරදියි

Date:

කාන්තා අභියෝගතා කුසලාන තරගාවලිය යටතේ BKSP-3 ක්‍රීඩාංගනයේදී පැවැති දෙවන තරගයේදී බංගලාදේශ පිරිමි වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම හමුවේ ලකුණු 87 ක පරාජයක් අත්විදීමට බංගලාදේශ කාන්තා රතු කණ්ඩායමට අද(20) සිදු වුණා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ජාතික කාන්තා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණිනුයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

මෙම තරගාවලියට කණ්ඩායම් තුනක් ක්‍රීඩා කරන අතර, තරගාවලියට එක්ව සිටින අනෙක් කණ්ඩායම වන්නේ බංගලාදේශ කාන්තා කොළ කණ්ඩායමයි.

මීට පෙර පැවැති තරඟයේදී කොළ කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කිරීමට රතු කණ්ඩායමට හැකි වුණා. කෙසේ වෙතත්, රතු කණ්ඩායමට පිරිමි යොවුන් ක්‍රීඩකයන් හමුවේ සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශන කිරීමට හැකි වූයේ නැහැ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පිරිමි 15 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 181ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කාන්තා රතු කණ්ඩායමට පන්දුවාර 38ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.

බංග්ලාදේශ රතු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු පමණයි. වැඩිම ලකුණුලාභිනිය වූ Sarmin Sultana ලකුණු 20 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...