බංග්ලාදේශ එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකත්වයත් නජ්මුල් හොසේන්ට

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට යෙදී ඇති එක්දින හා 20යි 20 තරගාවලියන් හී දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් ශන්තෝට පැවරී තිබෙනවා.

මේ දිනවල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ද බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඔහුයි.

නිත්‍ය නායක ශකිබ් අල් හසාන් හා උප නායක ලිටොන් දාස් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකර බැවිනුයි නජ්මුල් හොසේන්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ.

නවසීලන්ත සංචාරය සදහා ද ඇගිල්ලක සිදුව ඇති ආබාධය හේතුවෙන් ශකිබ් ක්‍රීඩා කරන්නේ නැහැ. කෙසේ වෙතත්, ලිටොන් දාස් එම සංචාරය සදහා නම් කර තිබෙනවා.

එක්දින සංචිතය සදහා අෆිෆ් හුසේන්, සෞම්‍ය සාකාර්, රිෂාද් හොසේන් හා රකිබුල් හසාන් කැදවා ඇති අතර, ටස්කින් අහ්මඩ් (ආබාධ), නසුම් අහ්මඩ්, මහෙදි හසාන් හා මහ්මුදුල්ලාහ් (ආබාධ) සංචිතයට නම් කර නැහැ.

Bangladesh ODI squad:

Najmul Hossain Shanto (c), Tanzid Hasan, Anamul Haque, Tawhid Hridoy, Mushfiqur Rahim, Litton Das, Afif Hossain, Soumya Sarkar, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Hasan Mahmud, Rishad Hossain, Rakibul Hasan

Bangladesh T20I squad:

Najmul Hossain Shanto (c), Litton Das, Rony Talukdar, Tawhid Hridoy, Shamim Hossain, Afif Hossain, Soumya Sarkar, Mehidy Hasan Miraz, Mahedi Hasan, Mustafizur Rahman, Shoriful Islam, Hasan Mahmud, Rishad Hossain, Tanvir Islam, Tanzim Hasan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...