බංග්ලාදේශය දෙවැනි තරගයෙනුත් පරදියි – තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා ගත්තා.

නායක ටමිම් ඉක්බාල් ලකුණු 78ක් ලබා ගත් අතර, මොහොමඩ් මිතුන් පන්දු 57කින් නොදැවී ලකුණු 73 රැස් කිරීමට සමත් වුණා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 34ක් සහ සෞම්‍ය සාකාර් ලකුණූ 32ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු 2ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි සහ ක්යිල් ජමිසන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 48.2ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 53 දී බිද වැටුණු නමුත්, අනතුරුව නායක ටොම් ලේතම් සහ ඩෙවෝන් කොන්වේ අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 113ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 72යි.

විශීෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගිය ටොම් ලේතම් නොදැවී ලකුණු 110ක් රැස් කළේ හතරේ පහර 10ක් සමගින්.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් සහ මහෙදි හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...