බංග්ලාදේශයේ අරුම පුදුම ඉනිම අත්හිටුවීමේ තීරණයෙන් පසු කොදෙව්වන් ජයග්‍රහනය අභියසටම

Date:

Antigua හීදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට කඩුලු 3 ක් පමණක් දවා ගැනීමට අවශ්‍යව ඇති පසුබිමක තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් අද(26) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 334 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලබා සිටියේ ලකුණු 109 ක් පමණයි.

නායක මෙහිදි හසාන් මිරාස් ලකුණු 45 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජෙයිඩන් සීල්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 450 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ද බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා. ඒ, පළමු ඉනිමේදී ලකුණු 181 ක් පිටුපසින් පසු වූ පසුබිමකයි.

කෙසේ වෙතත්, සිව්වැනි දිනයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 152 කට සීමා වූ අතර, පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 64 කට කඩුලු හයක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...