බංග්ලාදේශයට ලකුණු අටක විශිෂ්ඨ ජයක්

Date:

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු අටක තියුණු ජයක් ලබමින් තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහකට ලකුණු 154ක් ලබා ගත්තා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසාන් ලකුණු 52 ක්ද, සයිෆ් හසාන් ලකුණු 30 ක්ද, ලබා ගත්ත.

තව්හිද් හ්රිදෝයි ලකුණු 26 යි. ජේකර් අලී සහ නුරුල් හසාන් නොදැවී ලකුණු 12 බැගින් රැස් කළා. නායක ලිටොන් දාස් ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. ශමිම් හෙසේන් ලකුණු 11 යි.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම වෙනුවෙන් රෂීඩ් ඛාන් සහ නූර් අහ්මඩ් කඩුලු දෙක බැගින් දවා ගත්තා. එක් කඩුල්ලක් දවා ගැනීමට අස්මතුල්ලාහ් ඔමර්සායි සමත් වුණා.

බංග්ලාදේශය ලබා ගත් ලකුණු 154ට පිළිතුරු ලෙස ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ පිතිකරුවන් සියලුම දෙනා පන්දුවාර 20 අවසානයේ ලකුණු 146කට දැවී ගියා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 35ක්ද, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 30ක්ද ලබා ගත්තා. නායක රෂීඩ් ඛාන් ලකුණු 20 කට දැවී ගියා.

ගුල්බදීන් නයිබ් ලකුණු 16ක්ද, මොහමඩ් නබී ලකුණු 15ක්ද, නූර් අහ්මඩ් ලකුණු 14ක්ද ලබා ගැනීමට සමත් වුණා.
සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 3ක්ද, නසුම් අහ්මඩ්, ටස්කින් අහ්මඩ් සහ රිෂාද් හොසේන් කඩුලු දෙක බැගින් ද දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ නසුම් අහ්මඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...