WTC : පෙරමුණේ සිටි ඉන්දියාව 4ට ඇද වැටෙයි – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මෙතෙක් එහි සිව්වන ස්ථානයේ රැදී සිටි එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත් වී තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහිව අද(9) නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔවුන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

නවසීලන්තය පමණක් මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේ යි.

තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර, මෙතෙක් පෙරමුණේ පසු වූ ඉන්දියාව මේ වන විට එහි සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා එංගලන්තය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් අතර තවදුරටත් තියුණු සටනක් පවතිනවා.

ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-1ක් හෝ 3-1ක් ලෙස ජය ගත යුතුයි.

එංගලන්ත කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් අදාළ ටෙස්ට් තරගාවලිය තරග 3-0, 3-1 හෝ 4-0ක් ලෙස ජය ගත යුතු වනවා.

ඔස්ට්‍රේලියාවට  ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය එංගලන්තය විසින් තරග 1-0ක්, 2-0ක් හෝ 2-1 ක් ලෙස ජය ගත යුතුයි.

මෙම ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් හෝ 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුව ද ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.
ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...