පූරාන්ගේ 137* හමුවේ MLC මංගල ශූරතාවය MI New York කණ්ඩායමට

Date:

නායක නිකලස් පූරාන් පන්දු 55 කින් නොදැවී වාර්තා කළ ලකුණු 137 හමුවේ ඇමෙරිකාවේ පළමු වරට පැවැති මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට MI New York කණ්ඩායම මෙරට වේලාවෙන් අද(31) පෙරවරුවේ සමත් වුණා.

ටෙක්සාස්හි ඩලස් නුවර පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ Seattle Orcas කණ්ඩායමයි.

නිව් යෝර්ක් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සියැටල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 52 කින් ලකුණු 87 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා රෂිඩ් ඛාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. රෂීඩ් සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 9 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිව් යෝර්ක් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ඒ, ස්ටීවන් ටේලර් ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම දැවී යාමත් සමගයි.

කෙසේ වෙතත්, අංක 3 පිතිකරු වූ පූරාන් හයේ පහර 13 කින් හා හතරේ පහර 10 කින් සිය ඉනිම වර්ණවත් කරමින් සිය කණ්ඩායමට MLC පළමු ශූරතාවය හිමි කර දුන්නා.

ඩිවල්ඩ් බ්‍රේවිස් ලකුණු 20 කට දැවී ගිය අතර, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 10යි.

එම්අයි නිව් යෝර්ක් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා හා මුම්බායි ඉන්දියන්ස් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...