පිලිප්ස්ගේ සුපිරි ශතකය හා ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම නවසීලන්තයට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Date:

පන්දු රැකීමේ දී සිදු වූ දුර්වලතා හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 65 ක දරුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකාවට අද(29) සිදු වුණා.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ පන්දුවාර 19.2 ක් අවසානයේ ලකුණු 102 ක් පමණයි.

සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ග්ලේන් පිලිප්ස්ගේ ශතකයෙන් ශක්තිමත් වෙමින් කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, ඉනිමේ පළමු කඩුලු තුනම ලකුණු 15ක් තුළ දැවී ගිය පසුබිමකයි. අනතුරුව පිලිප්ස් හා ඩැරල් මිචෙල් පන්දු 64 කින් ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් තරගයේ පාලනය සිය කණ්ඩායමට නතු කර ගත්තා.

ග්ලේන් පිලිප්ස් පන්දු 64 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර, පිලිප්ස් ලකුණු 12 ක් හා ලකුණු 45 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට ප්‍රබල ලෙස බලපානු ලැබුවා. ඩැරල් මිචෙල් ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, වනිදු හසරංග හා ලහිරු කුමාර කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් ලකුණු 24 ක් තුළ දැවී ගියා. දසුන් ශානක ලකුණු 35 ක් ද, භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 100 සීමාව පසු කර රැගෙන යාම සදහා දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. මිචෙල් සැන්ට්නර් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...