පිරිමැදීමට කෙළ යොදා ගත් බවට ඇන්ඩර්සන්ට චෝදනා

Date:

අයි.සී.සී තහනම නොතකා පන්දුව පිරිමැදීම සදහා කේඨය(කෙළ) යොදා ගත් බවට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජේම්ස් ඇන්ඩර්සන්ට සහ ජොෆ්ර ආචර්ට පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ පළමු ටෙස්ට් තරගයේ පස් වන දිනයේ දී ඔවුන් මෙලෙස කේඨය යොදා ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.

විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ මේ පිළිබද දැඩි අවධානයක් යොමුව තිබුණේ ඊට අදාළ ඡායාරූප සහ දර්ශන ද පල කරමින්.

කෙසේ වෙතත්, මෙම තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ නසාර් හුසේන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අදාළ ක්‍රීඩකයින් පන්දුව පිරිමැදීම සදහා යොදා ගත්තේ කේඨය නොව දහඩිය බවයි.

නමුත් එය සජීවී වීඩියෝ දර්ශනවලදී නිසි අයුරින් දර්ශනය නොවූ බවත්, එම ක්‍රීඩකයින් පන්දුව පිරිමැදීම සදහා දහඩිය යොදා ගැනීම ඇතැමුන්ට කේඨය යොදා ගන්නා බවට වැරැදි ලෙස දර්ශනය වී ඇති බවත් නසාර් හුසේන් සදහන් කළා.

අයි.සී.සී නව නීති ප්‍රකාරව පන්දුව පිරමැදීම සදහා දහඩිය යොදා ගැනීමේ හැකියාව පවතිනවා.

ක්‍රීඩකයින් ඒ සදහා කේඨය යොදා ගත හොත් එම අවස්ථාවේ දී දඩුවම් ලකුණු 5ක් පිතිකරණ කණ්ඩායම වෙත ලබා දීමට ද විනිසුරුවන්ට බලය ලබා දී තිබෙනවා.

චෝදනාවට අදාළ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...